රත්‍රං බිස්කට් තොගයක් කටුනායකින් අත්අඩංගුවට...
By Parami Dissanayake
අද (13) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ඩුබායි සිට මෙරටට පැමිණි අයෙකු සන්තකයේ තිබී නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ රන් බිස්කට් තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
එහි රන් බිස්කට් 16ක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම හාර කෝටි හතලිස් ලක්ෂයක් බව වාර්තා වේ.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු මෙම රන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02ක් ලෙස සකස් කර ට්‍රොලියක යට අලවා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට සූදානම්ව සිට ඇති බවට අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ඇත.
.