ඒ පාර හිරුණිකාට මොකක්ද මේ ලැබුණු නියෝගය..

Report

පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 14 දෙනාට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මහ මග දමා ගිය සැකසහිත ජීප් රථයක්..එහි තිබු ඇසුත් උඩ යන දේ..

මහ මග දමා ගිය සැකසහිත ජීප් රථයක්..එහි තිබු ඇසුත් උඩ යන දේ..

එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවය. මෙම නඩු කටයුත්තට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලීසිය පැවසුවේය.

සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා හිංසනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙම සැකකාරියන් විසින් අදාළ විරෝධතාව සිදුකළ බවත් ඒ තුළින් රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් නොතිබූ බවත් සඳහන් කර සිටියේය.

අපි ඉන්නේ වෙන ෆේස්බුක් එකකද කියලා ඇහුවට වෙලාතියන දේ දැක්කා නම් අනේ හොදයි කියල හිතෙයි..

අපි ඉන්නේ වෙන ෆේස්බුක් එකකද කියලා ඇහුවට වෙලාතියන දේ දැක්කා නම් අනේ හොදයි කියල හිතෙයි..

කෙසේ වෙතත් මහෙස්ත්‍රත්වරයා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ගොනු නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බැවින් ඊට අදාළව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසය. ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10 වනදා කැඳවීමටද නියෝග කෙරුණි.