බිහිසුණු ගුවන් අනතුර ගැන හොයන්න කමිටුවක්
වාරියපොල ප්‍රදේශයේ දී සිදු වූ කේ-8 ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් පැවැත්වීම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කළ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සඳහන් කරනවා.
අනතුරට පත් යානය චීන වරාය ගුවන් පථයේ සිට පියාසර කළ එකක් බවට මීට පෙර නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් වුව ද එම ගුවන් යානය කටුනායක සිට පියාසර කළ එකක් බව ද ගුවන් හමුව නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා. අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවිමි සදහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක් අද (21) දින උදෑසන පුහුණුවිමක් අතරතුර කුරුණෑගල වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදි හදිසි අනතුරට ලක්වි ඇති අතර එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වි කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩ බැස තිබෙනවා.
මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති අතර, එම නිළධාරින් මෙ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුල කර තිබෙනවා.
මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙන් පෙරවරු 07.27 පමණ ගුවන් ගතවී ඇති අතර පෙරවරු 07 .55 පමන මෙම අනතුර සිදුවි තිබෙනවා.
මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් මෙම ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් සිදු කිරිම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කරනු ලැබුවා.
