නව පොලිස්පතිවරයා ගැන හෝඩුවාවක්

Report

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දැනට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය 37 වන පොලිස්පතිවරයා ලෙසට දිවුරුම් දෙනු ඇත. කෙසේ නමුත්, මාධ්‍යවල පළ වූයේ පොලිස්පති ධූරය අපේක්ෂාවෙන් දැනටමත් හත් දෙනෙකු සිටියත් නව පොලිස්පතිවරයා ලෙස ඒ අනුව පත් කරන්නේ දැනට වැඩ බලන පොලිස්පතිවරයා බව රජයේ එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

සුපිරි පන්නයේ තෑග්ගක් නයන් තාරාට...

සුපිරි පන්නයේ තෑග්ගක් නයන් තාරාට...

දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරයෙහි කර්තව්‍ය ඉටුකිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව නතර කිරීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ලබන අප්‍රේල් 8 හෝ 9 දිනවල එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බව රජය දැනටමත් සඳහන් කර තිබේ.

සුනාමි අනතුරු අඟවයි...පසු කම්පනත් ප්‍රබලයි (UPDATE)

සුනාමි අනතුරු අඟවයි...පසු කම්පනත් ප්‍රබලයි (UPDATE)

එම යෝජනාව සම්මත වූ පසු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙන අතර නව පොලිස්පති ධූරයට ප්‍රියන්ත වීරසූරිය කරනු ඇත.