31 වෙනිදාට පෙර වහාම කළ යුතුයි.. එකවරම චක්‍රලේඛයක් නිකුත් කරයි..

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 03, 2024 06:05 PM GMT
krishani

krishani

Report

රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

31 වෙනිදාට පෙර වහාම කළ යුතුයි.. එකවරම චක්‍රලේඛයක් නිකුත් කරයි.. | A Circular Is Issued

ඒ 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024 අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කිරීමටයි.

ඒ අනුව එයට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (03) මේ පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් MF/02/2023-(iv) චක්‍රලේඛය ම‍ඟින් උපදෙස් ලබා දී ඇති බව පිළිබඳව වැඩිදුරටත් සඳහන් වේ.

ඒ එයාලගෙ අවසන් දවස කියලා හිතන්න නැතුව ඇති.. මියගිය ධීවරයින් සතුටෙන් හිටිය අන්තිම දවසේ ගත් සමාජ මාධ්‍ය කැළඹුව සෙල්ෆිය මෙන්න..(PHOTO)

ඒ එයාලගෙ අවසන් දවස කියලා හිතන්න නැතුව ඇති.. මියගිය ධීවරයින් සතුටෙන් හිටිය අන්තිම දවසේ ගත් සමාජ මාධ්‍ය කැළඹුව සෙල්ෆිය මෙන්න..(PHOTO)


මේ අතර, රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටිනවා.

එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත්, එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බවයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළ බවත් එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..

වහාම ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න.. සමාගම විශේෂ තීරණයකට යයි..


මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත්, මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.