මිලදී ගන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතන්න. - අලුත්ම විදිහකට නිෂ්පාදනය වන මිරිස් කුඩු ජාවාරමක් හසුවෙලා.
පාන් කුඩු සහ පැරණි සහල් කුඩු මිරිස් කුඩුවලට මිශ්‍ර කොට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වෙනවා.
පාරිභෝගික සේවා අධිකාරියට තොරතුරු ලැබී ඇත්තේ, පිටකොටුව ආශ්‍රිත වෙළඳසැල්වල මෙම මිරිස් කුඩු අලෙවි කරන බවටයි.
අදාල තොරතුරු වලට අනුව කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේ ස්ථානයක මෙම ජාවාරම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා පිටකොටුවේ තොග කඩවලින් ඉවත් කරන පාන් කුඩු සහ පැරණි සහල් යොදා ගෙන ඇත.
අනතුරුව ඒවා මිරිස් කුඩුවලට මිශ්‍ර කොට පිටකොටුවේ වෙළඳසැල්වලට අලෙවි කරන බව සඳහන්.