ටිපර් රථයක් සොරකම් කරගෙන පැනලා යද්දී පොලීසියට බයේ ආව බයිසිකලුත් මග දාලා දුවලා..

By Piyumika Aug 06, 2024 03:39 AM GMT
Report

කිළිනොච්චිය, ධර්මපුරම්, උසාවනූර් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා ටිපර් රථයක් ඊයේ (05) පැහැර ගෙන ගොස් තිබේ .

ඥාති පුතා ගෙනාව විස්කි ගන්න ගිය පොලිස් මාමා නිසා ජරමර රැසක් ..

ඥාති පුතා ගෙනාව විස්කි ගන්න ගිය පොලිස් මාමා නිසා ජරමර රැසක් ..

මෙම අවස්ථාවේදී නිවසේ කාන්තාව මරණ බවට තර්ජනය කොට ටිපර් රථයේ යතුර ඔවුන් විසින් ලබා ගෙන ඇති අතර, ඒ වනවිට ටිපර් රථයේ අයිතිකරු මෙන්ම නිවෙස් හිමියා හා තවත් හතර දෙනෙකු නිවසේ සිට ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදීම නිවෙස් හිමියා ධර්මපුරම් පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ටිපර් රථය සොරකම් කරගෙන ගිය බව දැනුම් දී ඇත .

ජනාධිපති අපේක්ෂකයින් වැඩි වෙන්න වැඩිවෙන්න මහජනතාවගේ පොකට් එක හිස් වෙනවා ..

ජනාධිපති අපේක්ෂකයින් වැඩි වෙන්න වැඩිවෙන්න මහජනතාවගේ පොකට් එක හිස් වෙනවා ..

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ටිපර් රථය ගිය ප්‍රදේශය ඔස්සේ ඒ පසුපස ලුහුබැඳ යමින් සිටියදී ඔවුන් ටිපර් රථය හා යතුරු පැදි හතරක් මහ මඟ දමා පලාගොස් තිබේ .

එහිදී ධර්මපුරම් පොලිසිය ටිපර් රථය හා යතුරු පැදි හතර පොලිස් භාරයට ගෙන ඇති අතර, එම සොරකම සිදු කිරීමට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීම පිණිස මෙහෙයුමක් දියත් කර ඇති බව සදහන් කර සිටී.