ප්‍රබල පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක් ..

Report

කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී වෙඩි තබා ඇත.

දරු දෙදෙනා සමග මවකට අත් වුණු අවාසනාවන්ත ඉරණම..

දරු දෙදෙනා සමග මවකට අත් වුණු අවාසනාවන්ත ඉරණම..

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජූලම්පිටියේ පදිංචිව සිටින කේ.කේ. ප්‍රභාත් ඉන්දික නම් 42 හැවිරිදි අයෙකු ය.

ඔහු සිය වෙළෙඳසැල වසා බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත. එහිදී  පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙනි.

රට රැකියා දෙනවායි කී විශ්වවිද්‍යාල නිලධාරියා අත්අඩංගුවට ..

රට රැකියා දෙනවායි කී විශ්වවිද්‍යාල නිලධාරියා අත්අඩංගුවට ..

දෙදෙනාම ප්‍රතිකාර සඳහා මිද්දෙණිය රෝහලට ඇතුළුකර තිබේ. පසුව බිරිඳ ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යැවිණි.

වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ වෙඩික්කරු එය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි. පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු විය හැකි බවයි පොලීසිය සඳහන් කරනුයේ .