පාර්ලිමේන්තුවේ ලේ වගුරවමින් ගුටි බැට හුවමාරුවක් - (VIDEO)

By Sewvandhi Aug 17, 2024 09:32 AM GMT
Report

විපක්ෂ මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශකින් කෝප වූ පාලක AK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඔහුට පහර දීමත් සමග තුර්කි පාර්ලිමේන්තු සභිකයින් අතර පාර්ලිමේන්තුව තුළදීම ගුටි බැට හුවමාරුවක් සිදුවිය.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු ,ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදිය යුතු බවට ඉල්ලීම් කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිරදඬුවම් නියමව සිටින පුද්ගලයා සිරගතව සිටියදීම පසුගිය වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමටත් සමත් වී ඇති බව සඳහන් ය. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය පවසන්නේ ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරී ගිය බවය.