බිහිසුණු බෝට්ටු අනතුරක්..79ක් මරුට..100ක් අතුරුදහන්..750ක් ගමන් කරලා.(PHOTOS)
දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 79දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එහිදි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, තවත් සංක්‍රමණිකයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 750කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 100කට අධික පිරිසක් බේරාගැනීමට ග්‍රීක ආරක්ෂක අංශ සමත්ව ඇති බවද වාර්තා වෙයි.
මෙය ග්‍රීසියේ සිදුවු විශාලතම සංක්‍රමණික යාත්‍රා අනතුර වන අතර මේ වන විට එරට තුළ දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.








