ජයටම අවුරුදු සමරන්න රජයෙන් බඩු මල්ලක් - කාටද මේක හම්බුවෙන්නේ?
අද (19) දින පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසූයේ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහන මල්ලක් ලබාදෙන බවයි.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
අස්වැසුම සඳහා නව අයදුම්කරුවන් 807,000 ඉල්ලුම් කර ඇති බවත්, එම නව ඉල්ලුම්කරුවන් වෙත මෙම සහන බඩු මල්ල ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
ඒ අනුව, රුපියල් 5000ක වටිනාකමකින් යුත් මෙම බඩු මල්ල රුපියල් 2500කට ලබාදීමට කටයුතු කරන බවත්, මේ වනවිට ඒ සඳහා ලංකා සතොස ආයතනය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
එමෙන්ම මෙම බඩු මල්ල සඳහා නාඩු සහල් කිලෝග්‍රෑම් 05ක්, ලොකු ලූණු කිලෝග්‍රෑම් 02ක්, අල කිලෝග්‍රෑම් 02ක්, පරිප්පු කිලෝග්‍රෑම් 02ක්, සැමන් ටින් 01ක්, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 03ක්, පාන් පිටි කිලෝග්‍රෑම් 02ක්, සමපෝෂ පැකට් 02ක්, ග්‍රෑම් 70 සහ ග්‍රෑම් 90 සෝයාමීට් පැකට් 04ක් අන්තර්ගත වන බව අමාත්‍යවරයා පවසා සිටියා.
