7 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියයයි......

By Hashini May 10, 2025 01:51 AM GMT
Report

පස්සර පොලිසිය විසින් පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ දැරියය ඊයේ (09) රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයක් බවය.

ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

යුධ හමුදාපති ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යයි....(PHOTO)

යුධ හමුදාපති ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යයි....(PHOTO)

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියකි.

අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇත.

කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති හෙයින් මෙම මරණය සැකසහිත මරණයක් බවට තීරණය කර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතශරීරය පස්සර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පස්සර පොලීසිය සිදුකරයි. 

ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසි....

ප්‍රදේශ රැසකට අදත් පස්වරුවේ වැසි....