රොහාන් ඕලුගල, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම්හි අධීක්ෂණ ප්‍රධානී ලෙස පත්කෙරේ
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, පොලිස් විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් හි අධීක්ෂණ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.
මීට අමතරව ඔහු තවදුරටත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ඇති.
පසුගියදා ඉන්දුනිසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුලු අපරාධකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ජනාධිපති වීරතා පදක්කම් ද පිරිනැමුණා.
