පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්
තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති එකාබද්ධ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇති බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව (16) සවස 4.00 සිට (18) වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.
එම වැඩ වර්ජනය පැය 48 ක කාලයක් සංකේතවත් වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ.
අද කොළඹ දී වෘත්තීය සමිති නියෝජිතයන් එකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම සංකේත වැඩ වර්ජනය පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන්නා.