ලොස් ඇන්ජලිස් නුවරට පෑයූ තරු - ඔස්කාර් සම්මාන උලෙළ 2025 (වීඩියෝ )

Los Angeles World Oscars
By Zara Mar 03, 2025 03:19 PM GMT
Zara

Zara

Report

කලා ලොව සොදුරුතම ඇගයුම රැගත් ලොවක් බලා සිටි ඇකඩමික් සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන රාත්‍රිය 97 වැනි වරට එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර සුප්‍රකට ඩොල්බි රඟහලේදී පෙර වසරවලට සාපේක්ෂව ඇති උත්කර්ෂවත් අන්දමින් ඊයේ ජනගත වුනා.

2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබේ. ඒ ඔහු රංගනයෙන් දැයක වූ "A Real Pain" චිත්‍රපටය සඳහායි.

මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාවද වේ.

කීරාන් කල්කින් පළමු වරට වයස අවුරුදු 7 දී “Home Alone” චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.

මේ අතර හොඳම සහාය නිළිය සඳහා හිමි සම්මානය හිමි වුයේ 'Emilia Perez'චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාටය.

හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තේ 'The Brutalist' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩි ය.

එමෙන්ම "Anora" චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තාය.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුයේ "Anora" චිත්‍රපටයටයි.

හොඳම අධ්‍යක්ෂණය සඳහා හිමි සම්මානය ද හිමිකර ගත්තේ "Anora" චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් විසිනි.

මෙලෙස ලෝකයක් මවිත කල කලාකරුවන් ඇගයූ 97වන ඔස්කාර් සම්මාන රාත්‍රිය ඇකඩමි සම්මාන රාත්‍රින්ගේ ඉතිහාසයට සුවිශේෂී මතක රැසක් එක කරමින් නිමාවට පත් වන ලදී.

 

වෛද්‍යවරු, වර්ජනයකට සැරසෙති

වෛද්‍යවරු, වර්ජනයකට සැරසෙති

ඉන්ධන ප්‍රශ්නෙන් ආණ්ඩුව ෆේල්! සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ඉන්ධන ප්‍රශ්නෙන් ආණ්ඩුව ෆේල්! සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ReeCha