උසාවි නියෝගයකින් අරහෙ නිධන් හාරනකොට මෙහෙ කට්ටියක් කරලා තියන වැඩේ..
බගවන්තලාව, මාඑළිය රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරින් සිදු කළ වැටළිමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) දින උදෑසන කාලයේදී මෙම වැටළිම සිදු කළ අතර එහිදී මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 60ත් අතර වයස්වල පසුවන බගවන්තලාව හා බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.