ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද..

By Piyumika Nov 23, 2024 01:47 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇත.

තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී දැනුම්දීමට නියමිතව තිබේ.

පුනුරුද සමය ඇරඹීමත් සමග උද්ධමනයට මොකක්ද වුනේ..

පුනුරුද සමය ඇරඹීමත් සමග උද්ධමනයට මොකක්ද වුනේ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැත්වීය. එම සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.

දෙපාර්ශ්වය අතර සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා තහවුරු කළේය.