ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන උතුර කළබවන වසංගතය...දින තුනක් ඇතුලත මෙහෙම වර්ධනයක්..

By Piyumika Dec 17, 2024 06:03 AM GMT
Report

වර්ෂාව යළි ආරම්භ වීමත් සමගම යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව අද (17) උදෑසන වන විට ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යව මේවන විට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ ආකාරයට රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ දින තුනක් වැනි කෙටි කාලයකදීයි.

ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් ...

ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් ...

සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් පිරිසක් පේදුරුතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.

දැනට පේදුරුතුඩුව රෝහල තුළ නේවාසිකව මී උණ රෝගීන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබා බවත්, යාපනය රෝහල තුළ නේවාසිකව රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේවන විට මී උණ හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී රෝගීන් 7 දෙනෙකු සහ මුලතිව් රෝහලේදී එක් රෝගියෙකු මිය ගියා.

යාපනයේ මී උණ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගොවීන්ට සහ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවල සේවය කරන සනීපාරක්ෂක සේවකයන්ට ද ප්‍රතිජීවක ඖෂධ ලබා දී තිබෙනවා.

නව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි..

නව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි..

 සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ යාපනය දිස්ත්‍රික්කය තුළ කිසියම් උණ රෝගී ලක්ෂණයක් පවතින අයෙක් සිටී නම් වහාම රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

හැකි සෑම අවස්ථාවකම උණුකර නිවන ලද ජලය පානය කරන ලෙසත්, පවතින රෝගී තත්ත්වයන්ට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

You may like this video