බස්නාහිර අධ්‍යාපන අරමුදලින් පොසොන් කලාපයට ලක්ෂ අසූ පහක්...
අද ( 16 වැනිදා) ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් සංවිධානය කරන පොසොන් කලාපය සඳහා බස්නාහිර පළාතේ අධ්‍යාපන අරමුදලින් රුපියල් ලක්ෂ අසූ පහක් ලබා දී තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසා සිටියා.
මෙවර පොසොන් කලාපය කඩවත ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර ඇත.
ඒ අනුව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සංවිධායකත්වයෙන් එම ප්‍රදේශයේ පැවති වෙසක් කලාපයට ද බස්නාහිර පළාත් අධ්‍යාපන අරමුදලින් රුපියල් හැට ලක්ෂයක් ලබා දුන් බවත් පැවසී ය.
කෙසේ වෙතත්, ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ, පාසල්වල පවතින අත්‍යවශ්‍යතා පසෙක දමා මෙවැනි කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අරමුදල් යෙදවීම අපරාධයක් යැයි ද දේශපාලකයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක කෙරෙන එවැනි කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අරමුදල් යෙදවීමට ආණ්ඩුකාරවරුන්ට ඇති බලය ප්‍රශ්න කළ යුතු බවයි.
