පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අසු පහකටම ගෙදර යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි ..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Department of Pensions
By Piyumika Sep 26, 2024 02:01 AM GMT
Piyumika

Piyumika

Report

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා නවක මන්ත්‍රිවරු අසූපස් දෙනකුට පමණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වී තිබේ.

අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

පාර්ලිමේන්තුවේ වසර පහක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරයකුට රුපියල් හතළිස් පන්දහස බැගින් ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටුපක් හිමිවන අතර ඉහත මන්ත්‍රිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වන්නේ ලබන වසරේ නිලකාලය අවසන් වීමට නියමිත වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කලින්ම වූ නිසාය.

පාර්ලිමේන්තු වාර දෙකක් සම්පූර්ණ කරන මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් පනස් පන් දහසක් පමණ වෙයි.

දාහත් හැවිරිදි තරුණයකුගේ වැරදුනු පාපතර කුරුමානම ..(VIDEO)

දාහත් හැවිරිදි තරුණයකුගේ වැරදුනු පාපතර කුරුමානම ..(VIDEO)

නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූයේ පසුගිය 2020 වසරේ අගෝස්තු මස 20 වැනිදාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිත වූයේ ලබන වසරේ අගෝස්තු මාසයේදීය.

මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් පනස් හතර දහස් තුන්සිය අසූ පහකි. එම වැටුපට අමතරව පාර්ලිමේන්තුව රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක පැමිණීමේ දීමනාව ලෙස රුපියල් දෙදහස් පන්සියයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන්ද රුපියල් දෙදහස් පන්සියයක් හිමි වෙයි

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%