පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීමට ඉදි කළ සුනාමි කුළුනු 77 ම අක්‍රීයයි
ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කරන ලද විගණන වාර්තාවකට අනුව, සුනාමි හා සුළි සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලබා දීම සඳහා 2009 වසරේ ඉදිකරන ලද සුනාමි කුළුණු 77ක් මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බව වාර්තා වේ.
මෙම කුළුණු අලුත්වැඩියා කිරීමට 2016 වසරේදී රුපියල් මිලියන 134.7ක ඇස්තමේන්තුගත මුදලකට පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර තිබුණත් 2024 වසර අවසන් වන විටත් කිසිදු කුළුණක් ක්‍රියාත්මක නොවන බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ.
කෙසේ වෙතත් මෙම අක්‍රිය තත්ත්වයට හේතුව වශයෙන් විගණන වාර්තාව දක්වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙන්ම, කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කිරීම්.
මේ අතර විගණන කාර්යාලය අවධාරණය කරන්නේ ගිවිසුමට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙකී කුළුණු කිසිවක් අද වනතුරුත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) දක්වා ඇත්තේ, දිස්ත්‍රික්ක 14ක් පුරා ස්ථාපිත කර තිබූ මෙම කුළුණු 77, සුනාමි හා සුළං තත්ත්වයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් වශයෙන් 2009 වසරේදී ඉදිකළ ඒවා බවයි.
2016 වසර වන විට ඒවායේ ක්‍රියාකාරිත්වය අවම මට්ටමක පැවතීම නිසා කුළුණු අලුත්වැඩියා කර නඩත්තු කිරීම වෙනුවෙන් නව ගිවිසුමක් ඇති කරගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනම් දී ඇත.
මෙම තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් 2024 වසරට අදාළව නිකුත් කරන ලද විගණන වාර්තාවේ දැක්වේ.