වහාම ක්‍රියාත්මක වන පරිදි උණුසුම මැද මීගමුවේ රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව සඳහන් කරයි.
ඒ අනුව බන්ධනාගාරය තුළ ඊයේ (05) සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර තිබෙන බව සඳහන්.
ඊයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුව එම තත්ත්වය පාලනය කර තිබුණද අද (06) උදෑසන වනවිට එහි නැවත නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබුණේ රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතරයි.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
ඒ අනුව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර සිටියේ මෙම ගැටුමෙන් මේ වන විට මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු වේ. එමෙන්ම මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත් බව සඳහන්. තවද අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එසේම බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවද වාර්තා වේ.