මිතුරිය ගෙනවිත් දුන් අපූරු දේ කාපු මිතුරන්ට උන ඇබැද්දිය..
By Piyumika
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය වාර්තා කලේය .
අත්තන ඇට කෑමෙන් පසු ශරීරයට විෂ වූ පිරිමි ළමයින් සිව් දෙනකු සහ ගැහැනු ළමයින් තිදෙනකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (5) උදෑසන 9 ශ්‍රේණියේ සිසුවියක අත්තන ඇට පාසලට ගෙනවිත් ඇය යහළුවන්ට කෑම සඳහා එම ඇට දී ඇති බව අනාවරණය වී ඇත.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අසේලපුර මහා විද්‍යාලයේ 9, 10, 11 හා 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුහු හත්දෙනකි.
අදාළ සිසුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පැවසේ.