මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ

Report

 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අදාළ පෙත්සම් අද (01) පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

ඒ අනුව, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඊයේ (31) අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලැබීය. එම විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ඇතුළත් වේ.

ඒ අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු විමසීම අද ආරම්භ වීමට නියමිතය.

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්

කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්

කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්