දැරියක කෙලෙසූ පාපතර සුළු පියාට වසර 60ක් සිර දඩුවමක්..

Report

වයස අවුරුදු 11ක් වන දැරියක් දූෂණය කිරීමේ වරදට චූදිතයෙකුට වසර 60ක බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කිරීමට මහනුවර මහාධිකරණය නියෝග කර තිබේ .

පාසල් සිසුවියක් දූෂණය කර ඇය ගැබ් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුට චෝදනා තුනක් යටතේ නඩු පැවරී තිබුණු අතර; ඔහු උසාවිය හමුවේ වරදකරු බවට තීරණය කෙරුණි .

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවෙන් ඩයනා නිදහස්..

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවෙන් ඩයනා නිදහස්..

ඒ අනුව මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.දර්ශිකා විමලසිරි මහත්මිය විසිනුයි අදාළ සැකකරු හට මෙම දඬුවම ලබාදෙනු ලැබුවේ.

විත්තිකාර පාර්ශ්වය පරණපට්ටිය, ජම්බුගහපිටිය වත්තේ කන්දසාමි වේලු ක්‍රිෂ්ණන් නමැත්තා බවත් ඔහු විසින් දැරිය දූෂණය කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

යකඩ යකාගේ යකඩ හොරකම් කල පහක් අත්අඩංගුවට ..

යකඩ යකාගේ යකඩ හොරකම් කල පහක් අත්අඩංගුවට ..

සැකකරු මියගිය දැරියගේ සුළු පියා බවයි හෙළි ව ඇත්තේ.

විත්තිකරුට එක් චෝදනාවක් යටතේ රුපියල් 10,000 බැගින් දඩ නියම කළ අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද නියම කෙරුණි . දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් සහ වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසර දෙකක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම කිරීමටයි මහනුවර මහාධිකරණය නියෝග කරන ලදි.