අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවෙන් ඩයනා නිදහස්..
By Piyumika
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .
මෙම පෙත්සම අද (05) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි .
ඉන් අනතුරුව අදාල පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්රභා කිරීමට තීන්දු කරන ලදී .
වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි .