තැපැල් පාර්සල් ඇතුලේ තිබ්බ භාණ්ඩ අන්තරස්දාන වුනේ කොහොමද ...

By Piyumika Jan 07, 2025 05:47 AM GMT
Report

තැපැල් දෙපාර්තමේන්තුවට පසුගිය මාස දෙකක පමණ කාලයේ දී විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් හැටකට අධික ප්‍රමාණයක භාණ්ඩ මේ වන විට අතුරුදන් වී තිබෙන බව එහි ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ බව අනාවරණය වී ඇත්තේ එම පාර්සල් ස්කෑන් කර පරීක්ෂා කිරීමේදී ය. පාර්සල් ස්කෑන් කර ඇත්තේ ඒවා රැගෙන යාමට පැමිණෙන ලෙසට කළ දැනුම් දීම් අනුව හිමිකරුවන් නොපැමිණීම හේතුවෙනි.

මාතර මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට සහභාගී වුවන්ට වෙඩිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට..

මාතර මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට සහභාගී වුවන්ට වෙඩිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට..

එලෙස ලැබෙන පාර්සල් දින තිහකින් පසු අදාළ හිමිකරු නොපැමිණියහොත් එවන ලද ලිපිනයටම ආපසු හරවා යැවේ. අන්තර්ගත ද්‍රව්‍ය නොමැති හෙයින් එම පාර්සල් හරවා යැවීමට ද නොහැකි වී තිබේ.

මෙම පාර්සල්වල හිමිකරුවන් නොපැමිණෙන්නේ ඒවායේ භාණ්ඩ හෝ අන්තර්ගතව තිබූ ද්‍රව්‍ය සේවකයන් මාර්ගයෙන් හොර රහසේ දෙපාර්තමේන්තුවෙන් පිට කර තිබීම නිසාය යන සැකයක් දෙපාර්තමේන්තුවට ඇති වී තිබේ.

මෙම පාර්සල් ලැබී ඇත්තේ දෙපාර්තමේන්තුවේ ඊඑම්එස් ශීඝ්‍රගාමී සේවාව ඔස්සේ බෙදා හැරීමට ය. පසුගිය කාලයේ දී මෙම සේවාව ඔස්සේ බෙදා හැරීමට ලැබුණු ඇතැම් පාර්සල්වල මත්ද්‍රව්‍ය පවා අන්තර්ගතව තිබිණි.

ගල්කිස්ස දෙවනත් කරමින් වෙඩි තැබීමක්...

ගල්කිස්ස දෙවනත් කරමින් වෙඩි තැබීමක්...

ඉහත පාර්සල්වල ද නීති විරෝධී ද්‍රව්‍ය අන්තර්ගතව තිබෙන්නට ඇතැයි සැක කරන බව ඉහත ආරංචි මාර්ග කීවේය. මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබෙන බව තැපැල්පති රුවන් සත්කුමාර අප කළ විමසුමක දී පැවැසීය.

ඒවායේ පැවති භාණ්ඩ හෝ අන්තර්ගත ද්‍රව්‍ය පිට කිරීමට දෙපාර්තමේන්තු සේවකයන් සම්බන්ධ යැයි සැක කරන බවත් තැපැල්පතිවරයා කීවේය.

You may like this video