ගල්කිස්ස දෙවනත් කරමින් වෙඩි තැබීමක්...
By Piyumika
ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැමෙන් අයෙක් (36) එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් අයෙක් (20) කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගිය බවයි.
ගල්කිස්ස - වටරප්පල පාරේදී අද අලුයම 04.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු වූ බවයි පැවසෙනුයේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
You may like this video