අමෙරිකාවේ හෙලිකොප්ටර් අනතුරකින් 6 දෙනෙකු මියයයි

United States of America Accident Helicopter Crash Sinhala news
By Shehan Apr 11, 2025 02:58 AM GMT
Shehan

Shehan

Report

අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර ඊයේ (10) දහවල් අමෙරිකානු වේලාවෙන් සිදුව ඇත.

උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී

උත්සව සමයේ කූට වෙළඳුන්ට වැඩ වරදී

මියගිය පුද්ගලයින් අතරින් නියමුවා හැරුණු විට අනෙක් 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලකට අයත් සංචාරකයින් බව බලධාරීන් සඳහන් කරයි.

මියගිය අය අතර ළමුන් තිදෙනෙකු ද වූහ. මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය පවසා ඇත්තේ, මියගිය අයගේ ඥාතීන්ට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි. අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

සිම්පතක් නිසා රුපියල් මිලියන දහයක්....???

සිම්පතක් නිසා රුපියල් මිලියන දහයක්....???

ReeCha