බිහිසුණු අනතුරක් - බස් රථයක් ගිනි ගනී - හයක් මරුට
By Ashfa
ස්විට්සර්ලන්තයේ බස් රථයක ඇති වූ ගින්නකින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තුන්දෙනෙකු තුවාල ලබා ඇත.
ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම පිළිස්සී විනාශ වී ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පාර්මලෙන් මේ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශනයක්ද ක්‍රියාත්මක වේ.