ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක්ට මරණය ගෙනා අතුරුගිරියේ සිද්ධියට 6ක් සැකපිට අත්අඩංගුවට ..

Report

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ගත් බව පොලිසිය පවසා තිබේ .

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට අදාල වෙඩික්කරුගේ වාහනය කඩුවෙලින් හමුවේ..අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට..

එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය සඳහන් කරනු ලැබූයේ .

මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේය.

අද ඔබ විවිධ රැවටිලි වලට හසුවිය හැකි දිනයක්..ඉතාමත් කල්පනාකාරීව මේ ලග්න වල අය වැඩ කරන්න..

අද ඔබ විවිධ රැවටිලි වලට හසුවිය හැකි දිනයක්..ඉතාමත් කල්පනාකාරීව මේ ලග්න වල අය වැඩ කරන්න..

අදාළ වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.