දැවැන්ත වංචාවක් කරගෙන යමින් සිටි විදේශිකයින් 54ක් පොලීසියට කොටු වෙයි

Report

පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (11) පස්වරුවේ විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව පොලිසිය තහවුරු කරයි.

බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය සහ හික්කඩුව පොලීසිය ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය වෙතින් මහජනතාවට අනතුරු ඇගවීමක් - දැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම්දීමක්

ශ්‍රී ලංකා පොලිසිය වෙතින් මහජනතාවට අනතුරු ඇගවීමක් - දැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම්දීමක්

සැකකරුවන් රැඳී සිටි හෝටල් පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 200කට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මූලික විමර්ශනවලට අනුව මෙම පිරිස සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ මූල්‍ය වංචා හෝ සබැඳි අපරාධවල (Online Scams) නිරත වී ඇති බවට සැක කෙරේ.

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

රියදුරන්ට හා ජනතාවට විශේෂ නිවේදනයක් - මේවා කරොත් දැඩි නීතිමය පියවර - WhatsApp අංකයක් මෙන්න

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හික්කඩුව පොලීසිය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය (CCID) මගින් සිදු කිරීමට නියමිතය.

මෑත කාලීනව මෙරට සංචාරක ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විදෙස් ජාතිකයන් මෙවැනි ජාවාරම්වල නිරත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ආරක්ෂක අංශ මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි.