නුවරට ඉක්මනින් යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - කඩවත–මීරිගම කොටසේ ඉදිකිරීම් 53%ක් අවසන්

Report

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක මාර්ග කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය 53% ඉක්මවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා (07) ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2028 වසර වනවිට සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි වනු ඇති බව ව්‍යාපෘති භාර ඉංජිනේරුවෝ මෙහිදී සඳහන් කළහ.

ගුණාත්මක බිත්තර වී හදන්න නවීන යන්ත්‍රයක් ගෙන්වයි - ලක්ෂ 88ක් වටිනා යන්ත්‍රය දිවුලපැලැස්සට

ගුණාත්මක බිත්තර වී හදන්න නවීන යන්ත්‍රයක් ගෙන්වයි - ලක්ෂ 88ක් වටිනා යන්ත්‍රය දිවුලපැලැස්සට

මෙම වසර අවසන් වනවිට ඉදිකිරීම් ප්‍රගතිය 65% දක්වාත්, 2027 වසර අවසන් වනවිට එය 95% දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පසුගිය රජය සමයේ අතරමග නවතා දමා තිබූ මෙම ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව, කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත ප්‍රවේශ විය හැකි කඩවත පද්ධති අන්තර් හුවමාරුවේ (Kadawatha System Interchange – KSI) ඉදිකිරීම් කටයුතු පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළේය.  

දිවයින වටා සක්‍රීය තත්ත්වයක් ගැන කාලගුණයෙන් ‍රතු නිවේදනයක් - හෙට උදේ 7 දක්වා වලංගුයි

දිවයින වටා සක්‍රීය තත්ත්වයක් ගැන කාලගුණයෙන් ‍රතු නිවේදනයක් - හෙට උදේ 7 දක්වා වලංගුයි