දින 53ක් පුරාවට පැවති වැඩවර්ජනය නවතී?.. අනධ්‍යයන සේවක වැඩවර්ජනය ගැන ගත්ත අලුත්ම තීරණය..
By Piyumika
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් ලබන සඳුදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පැවසීය.
කෙසේවෙතත් එහි සමලේකම් කේ.එල්.ඩී. රිච්මන් පැවසුවේ ඊයේ (28) දින රැස්වූ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් කේ.එල්.ඩී. රිච්මන්,
"විශ්වවිද්‍යාල පද්ධතියි අකර්මන්‍ය වෙලා අදට දින 53ක් වෙනවා. මේ වෙනකම් ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ රජය.
ඊයේ දිනයේ වෘත්තීය සමිති රැස් වෙලා තීරණය කළා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යාමට. නිසි විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනවා."