මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...
By Parami Dissanayake
ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් පමණ මේ වන විට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා ඇත.
ඊයේ (08) දිනය ද විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කළ බව ඔහු සඳහන් කළේ ය.
එමෙන් ම, ලබන 14 වනදා තෙක් නිල ඡන්ද පත්‍රිකා දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කරන බව සඳහන් වේ.
කෙසේවෙතත්, ලබන 18, 19 සහ 20 යන දිනවලදී නිල ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වන පුද්ගලයින්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා ලබාගත හැකි බව ද සඳහන් වේ.