නැවතත් මිහිමත මැමත් යුගයකට "යානා"ගෙන් හැකිවෙයිද?..(PHOTOS)
සයිබීරියාවේ යකුටියා ප්‍රදේශයේ හිමවල තිබී වසර 50,000ක් පමණ පැරණි මැමත් පැටවෙකුගේ දේහයක් රුසියානු විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් පවසන්නේ "යානා" ලෙස එම සිරුර හදුන්වා ඇත්තේ එය සොයා ගත ගංගා ද්‍රෝණිය අනුව නිසයි.
කිලෝග්‍රෑම් 100ට (රාත්තල් 15) වඩා බරින් යුක්ත, සෙන්ටිමීටර 120ක් (අඩි 4) උස සහ සෙන්ටිමීටර 200ක් දිග යානා මිය යන විට ඇයගේ වයස අවුරුදක් පමණ වූ බවට ගණන් බලා තිබෙනවා.
යානා ලොව විශාලතම නිත්‍ය හිම (ස්ථිරවම ශීත කළ භූමිය) ආවාටය අවට ජීවත් වන පුද්ගලයිනුයි සොයා ගෙන ඇත්තේ.
මැමත්ගේ සිරුර බොහෝ විට පක්ෂීන් හෝ වෙනත් සත්ත්වයින් විසින් අනුභව කර ඇති නමුත් හිස කැපී පෙනෙන ලෙස හොඳින් සංරක්ෂණය කර තිබෙනවා.
කෞතුකාගාර පර්යේෂකයෙකු පවසා ඇත්තේ, මැමත් වගුරු බිමක බොහෝ විට සිරවී ඇති බවත්, ඒ අනුව වසර දස දහස් ගණනක් සංරක්ෂණය වී ඇති බවත්ය.
යානාව යකුට්ස්ක් හි ඊසානදිග ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනය කරමින් සිටින අතර, යානා කවදා මිය ගියාද යන්න තහවුරු කිරීම සඳහා විද්‍යාඥයින් පරීක්ෂණ පවත්වයි.
You may like this video