ග්‍රාම නිලධාරිවරයෙකු කරපු වැඩකට එරෙහි නඩුවක් නැවත විභාගයට...

Report

පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවක් නැවත විභාග කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා දීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධව අල්ලස් කොමිසම විසින් අදාළ ග්‍රාම නිලධාරීවරයාට එරෙහිව පසුගිය 2022 වසරේ මාර්තු 25 දින කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරණු ලැබීය.

සිලින්ඩරයෙන් බෑ ..මේ පාර ජයග්‍රහණය කරන්න කියල කට්ටියක් සිලින්ඩරෙ දාලා පුටුවෙන් ඉල්ලයි..

සිලින්ඩරයෙන් බෑ ..මේ පාර ජයග්‍රහණය කරන්න කියල කට්ටියක් සිලින්ඩරෙ දාලා පුටුවෙන් ඉල්ලයි..

එහිදී නඩුකරයේ විත්ති පාර්ශ්වය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් චූදිතයාව නිදහස් කිරීමට පසුගිය වසරේ ජූලි මාසයේ දී මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි.

එහිදී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

අනේ අම්මපා මෙහෙමත් හොරෙක්..බලන්නකෝ කරලා තියන දේ ...

අනේ අම්මපා මෙහෙමත් හොරෙක්..බලන්නකෝ කරලා තියන දේ ...

එකී ප්‍රතිශෝධන නඩුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ චූදිතයා නිදහස් කිරීමට මහාධිකරණය විසින් ලබා දුන් නියෝගය අහෝසි කිරීමටත් මහාධිකරණ නඩුව නැවත විභාගයට ගෙන තීන්දුව ලබා දීමටත් පසුගිය 20 වැනි දින මහාධිකරණ විනිසුරුවරයා වෙත නියෝග කර තිබේ.

You may like this video