UNESCO සාමාජිකත්වය වසර 5ක් පිරේ...

Report

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර තිදෙනෙක් මරුට...

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර තිදෙනෙක් මරුට...

ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල අද (16) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.

ඊට ප්‍රධාන ආරාධිතයකු ලෙස අද අලුයම දිවයිනට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ද සහභාගී විය.

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව ඉහළට...

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව ඉහළට...

මෙහිදී පාසල් ළමුන් විසින් මෙරට සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ජනරාල් මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙරට සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය මහනුවර, දඹුල්ල වැනි ඓතිහාසික වටිනාකම් සහිත යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයන් නැරඹීමට යාමට ද නියමිත ව ඇත.