හෙලිකොප්‍ටර් අනතුරෙන් හමුදාවේ 6ක් ජිවිතක්ෂයට(UPDATE)
Update - අද උදැසන බෙල් 212 හෙලිකොප්ටරයක් අනතුරට ලක් වුණා.
එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා..
===================
බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ විශේෂ බලකායේ සාමාජිකයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ ඔවුන් පොලොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ජිවිතක්ෂයට පත්ව ඇත්තේ..
අද උදැසන හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදූරු ඔයට කඩා වැටුණා.
මාදුරුඔය - කමාන්ඩෝ යුද හමුදා කඳවුරේ පුහුණු සැසියක් සඳහා මෙම හෙළිකොප්ටරය ගමන් කර තිබුණා.
මේ අතර මෙම සිදුවීම සොයා බැලීම සඳහා කමිටුවක්ද පත් කර තිබෙනවා.
ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ පැවසුවේ.
