ගලක් නිසා මරා ගත්ත අය 5ක් අත්අඩංගුවට ..

By Piyumika Oct 16, 2024 04:51 AM GMT
Report

ජාඇල ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙලට මන්න පහරක් එල්ල කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22, 33 , 45, 48 සහ 65 වයස්වල පසු වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..

මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..

මියගිය පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව යතුරුපැදිකරු සමග ඇති වූ බහින්බස්වීමකදී යතුරුපැදිකරුට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.

පසුව එම ගල් ප්‍රහාරය අසල තිබූ වෙළඳ සලකට වැදීම හේතුවෙන් වෙළඳසලේ හිමිකරු සහ පිරිසක් පැමිණ එම පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන තිබුණි.

ඡන්දෙන් පස්සෙත් ඒවගේ ඉන්න වගේ කල්පනාව.. හිටපු අමාත්‍යවරුන්ගේ පසුබෑමට නඩු ..

ඡන්දෙන් පස්සෙත් ඒවගේ ඉන්න වගේ කල්පනාව.. හිටපු අමාත්‍යවරුන්ගේ පසුබෑමට නඩු ..

එහිදී ඇතිවුණු බහින්බස්වීමකදී වෙළඳ සල් හිමිකරු සමග සිටි පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාගේ බෙල්ල ප්‍රදේශයට එල්ල කළ මන්න පහරකින් එම පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබුණි.

එසේ මියගොස් තිබුණේ ගම්පහ ඒකල පාර ප්‍රදේශයේ පදිංචි නුවන් කුමාර නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි