මැති ඇමැති 48කටම ඉන්ධන එපාලු - එපා කවදා ඉඳන්ද කියලා සෙට් එකේ ලිස්ට් එකත් එක්කම විස්තරේ මෙන්න

Report

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමැතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුව ලබා දෙන ඉන්ධන දීමනාව ලබා නොදෙන මෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ එම පිරිසෙන් 13 දෙනකු මෙම වසරේ (2025) මාර්තු සිට ද, 16 දෙනකු අප්‍රේල් සිට ද, ඉතිරි පිරිස මැයි, ජුනි, ජූලි, අගෝස්තු යන මාසවල පටන් ද ඉන්ධන දීමනාව නවතා දමන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකර, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, දම්මික පටබැඳි, නාමල් කරුණාරත්න, උපාලි සමරසිංහ යන මහත්වරුන් ඉකුත් සැප්තැම්බර් මස සිට තමන්ට ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තුව වෙත දන්වා තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා ඔවුන්ගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත ඔවුනගේ ලිඛිත ඉල්ලීම් අනුව බැර කරන බව ද පාර්ලිමේන්තුව සඳහන් කරයි.

නොමිලේ ඉන්ධන දීමනාව ගත්තු සෙට් එකක් මෙන්න

නොමිලේ ඉන්ධන දීමනාව ගත්තු සෙට් එකක් මෙන්න

මෙම තොරතුරු, තොරතුරු දැනගැනීම පනත යටතේ මාධ්‍යවේදී තුෂාර වීරරත්න මහතා විසින් කළ ඉල්ලීමකට පිළිතුරු ලෙස පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් සහ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා විසින් සපයා තිබෙන බව සඳහන්.

වාර්තා වන ආකාරයට මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285 ක් වේ.

එමෙන්ම රුපියල් 1000ක මාසික සංග්‍රහ දීමනාව, රුපියල් 50,000ක දුරකථන දීමනාව, රුපියල් 15,000ක ප්‍රවාහන වියදම් දීමනාව, රුපියල් ලක්ෂක කාර්යාල දීමනාව, රුපියල් 2500 බැගින් වන රැස්වීම් සහ කාරක සභා පැමිණීම් දීමනාව ද ඔවුන් වෙත ලබා දෙන බව පවසයි.

මේ සියල්ලට අමතරව මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුව අතර ඇති දුර සලකා ඉන්ධන දීමනාවක් දෙයි.

ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඩීසල් ලීටර් 419.76 ක් බව වාර්තා වේ.

ආයේ ඡන්දේ ඉල්ලන්න පුළුවන් මේක තිබ්බොත් විතරයි - අලුත් නීතියක් ගැන කියන නාමල්

ආයේ ඡන්දේ ඉල්ලන්න පුළුවන් මේක තිබ්බොත් විතරයි - අලුත් නීතියක් ගැන කියන නාමල්

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත