කලා භවනේ චිත්‍ර 47ක් අතුරුදන්

Report

ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුවම් 47ක් ජාතික කලාභවනෙන් අතුරුදහන් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිතුවම් අතුරින් කිහිපයක් හිටපු යහපාලන රජයේ අමාත්‍යවරයෙකුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සතුව ඇති බවත්, තවත් කිහිපයක් කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සතුව ඇති බවත් වාර්තා වනවා.

මෙම සිතුවම් අතුරුදහන් වී ඇත්තේ කලාභවන ප්‍රතිසංස්කරණය සඳහා වසා දමා තිබූ සමයේ වන අතර , ඒ සඳහා එවකට සේවයේ නිරතව සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇත.

අතුරුදහන් වූ වටිනා සිතුවම් අතර ඒ.සී.ජී.එස්. අමරසේකර සහ ජේ.ඩී.ඒ. පෙරේරා වැනි කීර්තිමත් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ද වෙයි.

පාසල් පන්ති කාමරයක සිටිය යුතු ළමුන් ගණන ගැන තීරණයක්

පාසල් පන්ති කාමරයක සිටිය යුතු ළමුන් ගණන ගැන තීරණයක්

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා, ජාතික කලාභවනෙන් වටිනා සිතුවම් රැසක් අතුරුදහන් වී ඇති බව තහවුරු කරනු ලැබුවා.

මේ පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නඩත්තු කටයුතු හේතුවෙන් දැනට වසා දමා ඇති ජාතික කලාභවන කඩිනමින් විවෘත කිරීමෙන් පසු අතුරුදහන් වූ සිතුවම් ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය. 

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරය රත් වෙයි - 104ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරය රත් වෙයි - 104ක් මරුට