ආර්.ඒ.පී.කේ.ජයරත්න රජයේ මුද්‍රණාලාධිපති තනතුරට
මේ වන විට රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ සේවය කරනු ලබන එස්.ඩී.පාඬිකෝරාල මහතාගේ සේවා කාලය 2026-04-01 දිනෙන් අවසන් වීමට නියමිත බව සඳහන් වේ.
2013- 06- 26 දිනැති රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව අනුව මේ වන විට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ නැති බව සදහන්ය.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රජයේ මුද්‍රණාලාධිපති ලෙස සේවය කරනු ලබන මුද්‍රණ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම සේවයේ I පන්තියේ II ශ්‍රේණියේ නිලධාරි ආර්.ඒ.පී.කේ.ජයරත්න මහතා, 2026-04-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ණකාලීනව රජයේ මුද්‍රණාලාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත