ලංකාවෙන් මියෙන්මාරයට මිලියන 45ක්

Report

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් වූ එරට ජනතාවට උපකාර කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර ඇත.

සිඟිත්තියකට සිදුවුණු අහස පොළොව නුහුලන අපරාධය

සිඟිත්තියකට සිදුවුණු අහස පොළොව නුහුලන අපරාධය

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේ විසින් මෙම මුදල මියන්මාර් තානාපතිනි මාලර් තන් ටයික් මහත්මිය වෙත භාරදෙන ලදී.

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයන්හි සභාපති හා ගරු ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ මැදිහත්වීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයෙන් පාද චාරිකාවන් පවත්වා මෙම මූල්‍යමය අධාරය එක්රැස්කර ඇත.

ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 271ක දායකත්වයෙන් මෙම මුදල රැස්කර තිබේ.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු