අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ආරක්ෂිත කිරීමට පියවර

By Dharu Mar 07, 2025 03:06 PM GMT
Report

දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඒ සියල්ල මෙම වසර ඇතුළතදී ආරක්ෂිත කිරිමට කටයුතු කරන බව සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ අද (7) පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ආරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව හෙතෙම පැවසීය.

එමෙන්ම හොඳ ප්‍රවාහනයක් ඇතිකිරීමට කාලයක් ගතවුවත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එතරම් කාලයක් ගතකළ යුතු නැති බවද ඔහු මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

අපේ රටේ විශාල වශයෙන් තියෙනවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. අදත් ත්‍රිරෝද රථයක් හැප්පිලා තියෙනවා අලුත්ගම ප්‍රදේශයේ.

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසිය ගණනක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා මාර්ග ආරක්ෂාකරණ වැඩපිළිවෙල ඇතුළේ ලබන මස වෙනකොට ජනතා සහභාගිත්වයත්, පෞද්ගලික අංශයත් සම්බන්ධකරගෙන මේ වසර ඇතුළතදී ලංකාවේ අනාරක්ෂිත යැයි සම්මතව තිබෙන දුම්රිය හරස් මාර්ග සියල්ල ආරක්ෂිත කරන්න.

ඒක අපට තිබෙන වගකීමක්. හොඳ ප්‍රවාහනයක් ඇතිකරන්න කාලයක් ගියත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එච්චර කාලයක් ගතකළ යුතු නෑ" යැයි පැවසීය.

මාර්ග සංඥා පුවරු අලුත්වෙන ලකුණු!

මාර්ග සංඥා පුවරු අලුත්වෙන ලකුණු!

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු

එලොව ගිහින් මෙලොව ආව කලාකාරිනිය - අහිමි වුණ බැඳීම කවදාවත් මට අමතක කරන්න බැහැලු