මාර්ග සංඥා පුවරු අලුත්වෙන ලකුණු!

By Shehan Mar 07, 2025 03:50 AM GMT
Report

නගරවල සවිකර ඇති මාර්ග සංඥා පුවරු 200ක් සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් ප්‍රතිපාදන සපයන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

වාහන ආනයනකරුවන්ට විශේෂ දැනුම්දීමක්!

වාහන ආනයනකරුවන්ට විශේෂ දැනුම්දීමක්!

පළමු අදියර සඳහා රුපියල් මිලියන 56 මුදලක් එම අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් මිලියන 33ක් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී තිබෙනවා.

මෙම මාර්ග සංඥා ක්‍රියාත්මකවන විට රිය ධාවනය කළ යුතු වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වන හෙයින් එම වේලාව එනතුරු වාහනයේ එංජිම ක්‍රියාත්මක නොකර සිටිය හැකියි.

එමගින් ඉන්ධන කාර්යාක්ෂමතාවයක් ඇති වන අතර, අනවශ්‍ය වායු විමෝචනය ද අවම වන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.