මාමට හොරෙන් කැනඩාවෙන් ගෙනාපු බෝතලය බීපු සිසුන් හතරකට සිදුවූ නොසිතූ ඇබැද්දිය..

By Piyumika Sep 12, 2024 03:04 AM GMT
Report

කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වී ඊයේ(11) දින  යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කල සිදුවීමක් වාර්තා විය.

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බව පවසා අතුරුදහන් වූ OIC සොයා මෙහෙයුම් ..

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බව පවසා අතුරුදහන් වූ OIC සොයා මෙහෙයුම් ..

එකී මත්පැන් බෝතලය එක් පාසල් සිසුවෙකුගේ  මාමා කෙනෙකු විසින් රැගෙන විත්  නිවසේ තබා තිබියදී පාසල් සිසුවා එය හොරෙන් පාසලට රගෙන ගොස් අතර මැද ස්ථානයක සගවා ඇත .

සවස් කාලයේ උපකාරක පන්තිය හමාර වීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කොට මත්පැන් පානය කොට ඇති බව සඳහන්යා .

යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

ස්වල්ප වේලාවකදී සිසුන් හතර දෙනාම එක දිගටම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පාර අයිනේ සිහිසුන්ව ඇද වැටී තිබේ .

එම අවස්ථාවේ පාරේ ගිය එක් පුද්ගලයෙකු එක් සිසුවෙකුව හදුනා ගෙන ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එම පියා හා පාරේ ගිය පුද්ගලයා එක්ව සිසුන් හතර දෙනාව රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වන්නේ.