ප්‍රබල පාතාලකල්ලී සාමාජිකයෙකු වන රන්කැටියාගේ සමීපතමයෙක් ඇතුළු 04ක් අත්අඩංගුවට...

By Piyumika Feb 02, 2025 07:05 AM GMT
Report

යුද හමුදා හා පොලිස් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පාතාලකල්ලී සාමාජිකයෙකු වන "රන්කැටියා" යන අයගේ සමීපතමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහබාගේ පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇලපිටිවල, මගුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඔවුන් සතුව තිබී යුද හමුදා සහ පොලිස් නිල ඇඳුම්, අත්විලංගුවක්, ව්‍යාජ පිස්තෝල අවියක්, අඟල් 32 දිග ඇත් දළ 02 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ගාල්ලේදී අපේ කණ්ඩායමට සිද්ධවුණේ මොකක්ද..සනත් පැවසු දේ..

ගාල්ලේදී අපේ කණ්ඩායමට සිද්ධවුණේ මොකක්ද..සනත් පැවසු දේ..

එමෙන්ම සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රැම් 780ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29 හා 39 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

අද දිනයේ විශේෂත්වය මොකක්ද කියලා දන්නවද ...

අද දිනයේ විශේෂත්වය මොකක්ද කියලා දන්නවද ...

එක් සැකකරුවෙකු යුද හමුදාවේ සේවය කර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අණාවරණය වී තිබේ.

තවත් සැකකරුවෙකු පාතාල කල්ලී සාමාජිකයෙකු වන "රන්කැටියා" යන අයගේ සමීපතමයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.  

You may like this video