දරුණු අනතුරක් - බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළේ
By Mithu
වැල්ලවායේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් අද (29) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
ගිනිගත්හේන - නාවලපිටිය ප්රධාන මාර්ගයේ නාවලපිටිය, රඹුක්පිටිය ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ පිරිස නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.
වැල්ලවාය ප්රදේශයේ සිට නාවලපිටිය ප්රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයක් සඳහා ඥාතීන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 27 දෙනෙකු ගමන් කර ඇති අතර, ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වන්නට ඇති බවට නාවලපිටිය පොලීසියේ රථවාහන අංශය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.