තෙමහල් නිවසක් හදිසියේ ගිනිගනී..හිමිකරු නිවස තුළම පිළිස්සී මරුට..
By Piyumika
වත්තල මාටාගොඩ ප්‍රදේශයේ ඊයේ (29 රාත්‍රී කාලයේ නිවසක හදිසි ගින්නක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ .
ගින්න හේතුවෙන් තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ සිටි පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල ලබා නිවස තුළම මියගොස් ඇතැයි පොලිසිය පැවසීය .
මරණකරු වයස අවුරුදු 90ක් වූ මාටාගොඩ, හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහු පමණක් නිවසේ සිට ඇති අතර, බිරිඳ දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේ දියණියගේ නිවස වෙත ගොස් ඇති බවයි සඳහන් වනුයේ .
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේම ඇතැයි පැවසේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි .